Boundless dreaming

She was staring at the emptyness
her smile was charming
and she was happy in her own world

I knew she was dreaming,
but what, I did not.

was it
a fabulous golden palace
where she was dancing
wearing a diamond worked frock
with her handsome fiance?

or
someone walking towards her
with a slice of bread
to give her long unsatiated
hunger a little break..?

සිල්පර කොටය

අනන්තයට යන තෙක්
උන් එකිනෙකාට කොඳුරන හැම රහසක්ම
අහගෙන ඉන්න
සිල්පර කොටය
රේල් පීලි දෙකට
කිසි දිනෙක
ළංවී වැළඳගන්නවත්
හඬා සමුගන්නවත්
නොදී සිටින අරුමය..!

කීර්තිගෝචර ප්‍රේමවන්තයා ~ ප්‍රේමකීර්ති ද අල්විස්

ආදරයේ උල්පතක් වූ
ඔබේ සුන්දර හදවත
රුදුරු නොමිනිසුන් පසා කලද,
ඉන් දෝර ගලා ගිය
මියුරු ගී පද වැල්
ප්‍රේමය ලොව තිබෙන තුරා
සදා පිළිරැව් දේවි..

මලක් වන්නට නොහැකිව
මිනිස් බව ලැබ උපන්
කීර්තිගෝචර ප්‍රේමවන්තයාණෙනි,
කෙදිනක හෝ හමුවන
මාගේ තනි තරුවට
පිණිබිඳකින් මුතු අමුණා
දිනිසුරුගෙන් සීතල දී
සසර සැරි සරන තෙක්
ඔබ මගේ ඔබ මගේ
කියා කියන්නට
ගී ලියා තැබුවා‍ට
ඔබට පින්…!

2010. 07. 30

බූට් කෑ මනමාලයාගේ ගීතය..

සඳුට තරුටත් වඩා වැඩියෙන්
ආදරෙයි මට ආදරෙයි..
කියූ ඔබ ඇයි හිරුට පෙම් බැඳ
නොකියාම සැඟවී ගියේ?

සසර සරනා තුරු සිටීමට
එකට මැවුමුත් සිහින ඔබ මම
වසත් මල් පූදින්නටත් පෙර
පරවුණිද අප සිහින මල?

ලොවට හඬගෑමට අපේ පෙම
ගත් අසිරි බර විවා මඟුලේ
ණය තුරුස් මම අද ගෙවන්නේ
තබා අප පෙම උකසටද?

අකුණ!

එකලු කර ගන අහස,
දෙදරවා මහ පොළව,
ගස් ගල්, සතා සීපාවා,
සුණු විසුණු කරන,
අකුණ!
කොතෙක් තෙද බල තිබිද,
හැකිවේද කිසිදාක,
වනසන්න,
නුඹට,
අකුණු සන්නායකය?

Tongue

It always amuses me,
the skill of the tongue,
to live amidst 32 sharp teeth,
helping all,
yet, surviving a lifetime,
but for an occasional bite…!

පෙම්වතාගේ ඉල්ලීම..

වළාකුලේ!
අනේ පොඩ්ඩක් මෙහාට ඇවිත්
මුවා කරන්න මගේ ආදර සඳවතිය..
පාට පාටින් දිලිසෙන
නෙක තරුකැටවල ලස්සන බලන්න
හරිම ආසයි මට!

Slippers

I saw an old man, walking barefoot,
on a rainy day, in a muddy road..
I looked at mom,
“Mommy, why is he not wearing slippers?”

She thought for a moment,
“Darling, his sole is tough, as tough as leather,
for he has come a such long journey,
and has felt
the soft caress of water,
the chill squeeze of snow,
the smooth fondle of meadows,
the coarse bite of gravel,
the elegant touch of granite,
the warm torment of tar,
the sensual kiss of petals,
the harsh prick of thorns,
the …”

I interrupted,
“Mommy, mommy, then why am I wearing slippers?”
She frowned,
“Honey, otherwise you might get hookworms!”

වැස්ස

අද වැස්ස හරිම ලස්සනයි.. උදේ ඉදන්ම එක දිගට ‍පොද වැටෙද්දි එළියට වෙලා සීතල හිරිකඩ විඳින්න මම හරිම ආසයි..

මල් පෙති වල චූටි චූටි වතුර බිංදු වැටිල, ඉර එළියට දිළිසෙන්නෙ මුතු කැට ‍වගේ.. හීන් සුළඟක් හමාගෙන එනකොට සට සට ගාල ගස් වල තියෙන වතුර එක පාරටම වැටෙන්නෙ අළුත් වැස්සක් වගේ.. හොඳටම තෙමිච්ච ලේනෙක් කොස් ගහේ උඩටයි පහළටයි දුවනව දුවනව ඉවරයක් නෑ..

රඹුටන් ගහට ආපු අළු කොබෙයියෙක් තමන්ගෙ ප්‍රියම්බිකාවට මෙහෙම කියනව..

සරා නිල් අහස් ගැබ
සොයා මම ආමි නුඹ
පොවා පෙම් අමරසය
නුරා පවසින් මුදනු මා හද…

එතකොට ඇය කියනව මෙහෙම,

ගයා ගී පෙම් රසය වෑහෙන
මවා රසබර හැඟුම් ප්‍රමුදිත
විදා පිය යුග වෙළා නුඹ ගත
සදා ඉමි මම හදින් හද බැඳ..

Design a site like this with WordPress.com
Get started